පැමිණිලි පිළිබඳ ක්‍රියා පිලිවෙල.

පැමිණිලි පිළිබඳ ක්‍රියා පිලිවෙල.

පැමිණිලි පිළිබඳ ක්‍රියා පිලිවෙල.

සණස ජෙනරල් ඉන්ෂුරන්ස් කම්පැනි ලිමිටඩ් – පැමිණිලි පිළිබඳ ක්‍රියා පිලිවෙල.

සණස ජෙනරල් ඉන්ෂුරන්ස්හි අපගේ අරමුණ ඔබගේ රක්ෂණ කටයුතු සෑම ආකාරයකින්ම අප්‍රමාදව, කාර්යක්ෂමව සහ සාධාරණ අයුරින් ඉටු කරලීමයි. හැකි උසස්ම මට්ටමේ සේවයක් ලබාදීමට අපි කැපවී සිටිමු. එහෙත් ඇතැම් විට දෝෂයන් සිදු විය හැකිය. එය ලබාගත් රක්ෂණයක් හෝ ඉදිරිපත් කළ හිමිකමක් පිළිබඳ ගැටලුවක් විය හැකිය. එවැනි අවස්ථාවක දී ඔබට ක්‍රියා කළ හැකි ආකාරය මෙහි පහත දක්වමු.

 

පැමිණිල්ලක් කළ හැක්කේ කෙසේද?

1. අපගේ කාර්යාලයකට පැමිණීමෙන්

2. දුරකථනය මගින්

3. විද්‍යුත් තැපැලෙන්

4. තැපැල් මගින්

5. ෆැක්ස් පණිවිඩයක් මගින්

6. අප වෙබ් අඩවිය හරහා

ඔබට පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.

 

ඔබගේ පැමිණිල්ලට කුමක් සිදු වේද?

ඔබගේ පැමිණිල්ල ලද බව දුරකථන මගින්, තැපැල් මගින් හෝ විද්‍යුත් තැපෑලෙන් ඔබට දන්වනු ඇත. සාමාන්‍යයෙන් පැමිණිල්ල ලැබී දින තුනක් (03) ඇතුලත මෙය සිදුවනු ඇත.

  • ඔබගේ පැමිණිල්ල කළමනාකරණය කරනු ලබන නිලධාරියාගේ නම සහ දුරකථන අංකය ඔබ වෙත දන්වන අතර, පැමිණිල්ල පිළිබඳව ප්‍රගතිය ඔබ වෙත දන්වන කාල වකවානුව ද දන්වනු ඇත.
  • පැමිණිල්ල නිරාකරණය කරනු සඳහා තවදුරටත් විමර්ශන අවශ්‍ය නම් හැර දින දාහතරක් (14) ක් ඇතුලත එය නිරාකරණය කරලීම අපගේ උත්සාහයයි.

 

අපගේ ප්‍රතිචාරයෙන් ඔබ සතුටු වන්නේ නැතිනම්;

  •  අපගේ තීරණය ලැබී දින තිහක් (30) ඇතුලත විශේෂිත නිලධාරී, සණස ජෙනරල් ඉන්ෂුරන්ස්. කම්පැනි ලිමිටඩ්, අංක. 172 ඇල්විටිගල පාර, කොළඹ 08. (දුර කථනය අභියාචනයක් ඉදිරිපත් කල හැකිය. ) වෙත

 

මීට අමතරව ඔබගේ පැමිණිල්ල පහත සඳහන් ආයතනය වෙත යොමු කළ හැකිය.

  • රක්ෂණ ඔම්බුඩ්ස්ටන් වරයා, අංක 143 A, වජිර පාර කොළඹ 05. දුරකථනය 011 2545542
  • ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, 11 වන මහල, නැගෙනහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ 01. දුරකථනය 011 2396184